මිහිඳු නිවහන වැඩසටහන ලබන ඉරිදා ඇරඹේ

Share Button

භික්ෂුන් වහන්සේගේ දෙමව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක මිහිඳු නිවහන නිවාස වැඩසටහන ලබන ඉරිදා මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඇරඹේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙයි. මේ යටතේ මෙම වසරේ නිවාස 2000 ක් ඉදිකෙරේ. සමස්ත නිවාස වැඩසටහන සදහා රුපියල් ලක්ෂ 12 ස් දහසක් වෙන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6 ක් පිරිනැමේ. ලබන ඉරිදා පැවැත්වෙන ආරම්භක උත්සවයේදී තෝරා ගත් දෙමව්පිය යුවලක් වෙනුවෙන් නව නිවසක් තැනීම ඇරඹේ. තවත් දෙමව්පිය යුවල 50 කට රුපියල් ලක්ෂය බැගින් වු අත්තිකාරම් මුදල් ද එහිදී පිරිනැමේ. නිර්ණායක කිහිපයක් මත මෙම ව්‍යාපෘතියේ නිවාස ලබාදිීම සිදු වෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *