විදෙස් ණය නිසිපරිදි ආපසු ගෙවීම ප්‍රතිපත්තිය බව රජය පවසයි

Share Button

විවිධ රටවලින් ජාත්‍යන්තර ආයතන වලින් ගත් ණය අනිවාර්යයෙන්ම ගෙවිය යුතු දිනයට ගෙවා අවසන්කිරිම රජයේ ප්‍රතිපත්තිය බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඉන්දියාව කියා එහි වෙනසක් නොමැත. එරටින් ගත් ණයද නිසි වේලාවට ගෙවා අවසන් කෙරේ. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් රජය පැහැදිලි තීරණයක් ගෙන ඇත. ඒ පිළිබඳව ඉන්දියාව සහ ජපානය සමග සුහදශිලිව කරුණු පැහැදිලි කර ගැනිමට අපේක්ෂා කරන බව හෙතෙම සදහන් කරයි. මෙරට ආර්ථිකයට හෝ කිසිදු කරුණකට අගතියක් නොවන අයුරින් කළමනාකරණය කරගැනිම රජයේ බලාපොරොත්තුවයි .පසුගිය රජයේ ක්‍රියාත්මක වූ විකිණිමේ ක්‍රියාවලිය වත්මන් රජය යටතේ සිදු නොවන බව ද මහනුවර තෙල්දෙණියේ ඊයේ පැවති වැඩසටහනකදී හෙතෙම පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *