ඉන්දියාවේ කේරල ඇතුථ ප්‍රාන්ත 16 කට ඉදිරි පැය 48 තුළදී තද වැසි

Share Button

ඉන්දියාවේ කේරල ඇතුථ ප්‍රාන්ත 16 කට ඉදිරි පැය 48 තුළදී තද වැසි අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ නිවේදනය කරයි. උත්තරකාන්ද්. බටහිර බෙංගාලය සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි උතුරු වෙරළබඩ ප්‍රදේශයට තද වැසි ඇති වීමේ අවදානමක් පවති. මධ්‍යම අරාබි මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් වලකින ලෙස එරට ධීවරයන්ට දැනුම් දී තිබේ. පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව සහ ගංවතුර නිසා පුද්ගලයන් හත්සියයකට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි එරට කාලගුණ සේවා ප්‍රධානියා පවසයි
මේ අතර චීනයේ නැගෙනහිර වෙරළබඩ තීරයට අද දින යාගි නැමති සුළි කුණාටුවකින් බලපෑම් එල්ල විය හැකි බව එරට කාලගුණ අංශ පවසයි. එම සුළි කුණාටුව පැයකට කිලෝ මීටර් 108 ක වේගයකින් හමා යමින් පවතී. අද පස්වරුව වන විට එය ගොඩබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ
====
සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනා ගත් බ්‍රීතාන්‍ය ජාතික සර් වී එස් නයිපෝල් මහතා මිය යයි. මිය යන විට ඔහු 85 වැනි වියේ පසුවිය. 1932 හි දී ට්‍රිනිඩෑඩ් හි උපත ලැබු ඒ මහතා ග්‍රන්ථ 30 ක් පමණ රචනා කර තිබේ. අ බෙන්ඩ් ඉන් ද රිවර්. අ හවුස් ෆෝ මිස්ටර් බිස්වාස් ඔහුගේ ජනප්‍රිය කෘති වේ.
====
ප්‍රංශයේ විශාල පරිමාණයේ විනෝද උද්‍යානයක පිරිසිදු කිරීමේ කටයුතු සදහා පක්ෂින් හය දෙනෙකු යොදා ගැනීමට යයි. එම පක්ෂීන් ඉතා බුද්ධිමත් අතර බිම දමා ඇති කසල රැස් කර ඒවා අදාල බදුන් වලට යොමු කිරීම සදහා පුහුණු කර ඇත. පක්ෂීන් සිදු කරන සේවය වෙනුවෙන් ආහාර ඇතුථ පහසුකම් ලබා දීමට උද්‍යාන බළධාරීන් පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ පළමු පක්ෂියා මේ වන විට සිය රාජකාරී ආරම්භ කර ඇති අතර ඉතිරි පස් දෙනා හෙට සිට එම කටයුතු සදහා යොදා ගැනීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *