සුර්‍යයා ගවේශණයට පාකර්සෝලා උඩුගුවනට

Share Button

සුර්‍යයා ගවේෂණය කිරිමේ පාකර්සෝලා ප්‍රොබ් යානය අද සාර්ථකව උඩුගුවනට යැවු බව නාසා ආයතනය සදහන් කරයි. ඊයේ දින මෙය ගුවන්ගත කිරිමට නියමිතව තිබුනත් අවසන් මොහොතේ හදුනාගත් දෝෂයක් හේතුවෙන් දිනකින් කල් දැමිණ. මෙය සුර්‍යයා සමිපයටම ලගාවන ලොව ප්‍රථම යානය වනු ඇත. සුර්‍යයාගේ පුලුල් අධ්‍යයනයක් එමගින් සිදුකිරිමට නියමිතයි. වර්ෂ 1958 දි සුර්‍යයාගේ පිටත වායුගෝලය පිලිබදව ප්‍රථම වරට අදහස් දැක්වු තාරකා විද්‍යාඥ ඉව්ජින් පාකර් නමින් මෙම යානය නම් කර තිබේ. ඔහු මේවන විට 91 හැවිරිදි වියේ පසුවෙයි. මෙම යානය සුර්‍යයාගේ කිලෝ මිටර් මිලියන හයයි දශම එකයි දෙකක් දුරකට ලගාවනු ඇත. තත්ත්පරයට කිලෝ මිටර් එකසිය අනුවක වේගයකින් එය ගමන් කරනු ලැබේ.
====
පකිස්ථානයේ ප්‍රධාන පක්ෂ දෙකක් වන පකිස්ථාන ජනතා පක්ෂය සහ නවාෂ් ෂෙරිප්ගේ පකිස්ථාන මුස්ලිම් ලිගය ඊයේ ලාහෝර් හිදි විශේෂ සාකච්ඡාවකට එක්විය. අගමැතිධුරය. කතානායක ධුරය සහ නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් මෙහිදි අදහස් හුවමාරුවි තිබේ. මෙහිදි පකිස්ථාන ජනතා පක්ෂය වෙනුවෙන් හිටපු අගමැතිවරයෙකුවු යූසුප් රාසා ගිලානි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් එක්වුහ. නවාෂ් ෂෙරිප් මහතාගේ පක්ෂයේ වත්මන් සභාපති සභාෂ් ෂෙරිප් මහතාගේ නිවසේ මෙය පැවැත්වුණි. මේ අතර ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවට තමන් සහභාගි නොවන බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක සුනිල් ගවස්කාර් පවසයි. ඔහු එංගලන්තයේ නිවේදන කටයුතු සදහා ගිවිසුමකින් බැදි සිටිම ඊට හේතුවයි. මේ සදහා ආරාධනා ලැබු කපිල් දේව් සහ නව්ජොට් සිදු ඉන්දිය රජයේ අවසරය ලැබුණු පසු ඊට සහභාගිවිමට කැමැත්තෙන් සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *