මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළට

Share Button

දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර කොරෝනා පොකුරු වලින් වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 66225 දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතයෝ 878 දෙනෙක් හදුනා ගනු ලැබුහ.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ මරණ 09 ක් තහවුරු කළේය. ඔව්හු කොළඹ 12, කොළඹ 15, අනුරාධපුරය, කුරුණෑගල, මීගමුව, හොරණ, කයිට්ස්, ගුරුදෙණිය හා මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ රාත්‍රි 8.30 වනවිට එක්ලක්ෂ 67762 දෙනෙකු එන්නත් කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *