පාස්කු කොමිෂන් වාර්තාවේ අඩුපාඩු සකස් කිරීමට පියවර

Share Button

ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඒ සදහා කප්පම්කරුවන් ,වංචනිකයන් , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් , ත්‍රස්තවාදීන් මෙන්ම පාතාලය සමාජයෙන් තුරන් කළ යුතුය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මුලිකත්වයෙන් ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් ඒ සදහා මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මක බව හෙතෙම සදහන් කරයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතිී සංවාද මණ්ඩපයට අද එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග විධිමත්ව ගෙන ඇත. යහපාලන ආණ්ඩු සමයේ ජාතික ආරක්ෂාව අඩාලව පැවතීම 2019 වසරේ අප්‍රේල් 21 දින සිදුවු පාස්කු ප්‍රහාරයට හේතු විය. එකල බුද්ධි අංශ අඩපණ කිරීමට කටයුතු කිරීම ද මීට බලපෑ බව හෙතෙම පෙන්වා දුන්නේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සැලකිල්ලට ගෙන මීට ඉහතදී නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිගොනු 8 හි අඩුපාඩු සකස් කර නැවත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ඉන් අනතුරුව අදාල පාර්ශ්වයන්ට එරෙහිව නඩු ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කරනු ඇතැයි සරත් වීරසේකර අමාත්‍යවරයා පැවසීය.

සමාජයේ වංචා, දුෂණ සිදු කරන අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරේ අපරාධකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ හෙලිදරව් කිරීමට පියවර ගැනේ ඊට එරෙහිව ඇතැම් නීතිඥවරුන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් කටයුතු කිරීම නිසා මේ දක්වා එම පියවර ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇතැයි ඔහු පැවසීය යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල එල්ටීටීඊ සංවිධානයට අයත් පිළිරුවක් හෝ ස්මාරකයක් ඉදිකිරීමට වත්මන් රජය යටතේ කිසිදු ඉඩක් නොදෙන බව ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *