තවත් කොරෝනා මර්දන එන්නත් තුනක් මෙරටට ගෙන්විමට අවශ්‍ය සායනික වාර්තා කඩිනමින්
කොරෝනා මර්දනය සදහා නව එන්නත් තුනක් මෙරටට ලබා ගැනීමට අවශ්‍ය සායනික වාර්තා අපේක්ෂා කරන බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී ඔහු මෙම අදහස් පල කළේය.
සායනික වාර්තා ලැබීමෙන් පසු අපගේ රටට ගැලපෙන්නේ නම් පමණක් මෙම එන්නත් ඉල්ලුම් කිරීමට පියවර ගැනේ. විවිධ එන්නත්වලට අදාල අයදුම්පත් ලැබුනද ලැබුණු සැනින් ඒවා මෙරටට ගෙන්වීමට තින්දු තීරණ නොගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.