ජගත් මානව හිමිකම් කවුන්සිලයේ පදනම් විරහිත චෝිදනා වලට පිළිතුරු දිමට ශ්‍රි ලංකාව ඉදිරි ජිනිවා සැසිය අවස්ථාවක් කරගත යුතු යැයි ප්‍රකාශයක්

Share Button

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට ඇතුළත් කර ඇත්තේ පදනම් විරහිත වාර්තා වල ඇතුළත් කරුණු බව මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නිතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

මෙම ඉදිරිපත් කර ඇති චෝදනා කිසිවක් ඔප්පු කළ හැකි ඒවා නොවන බව ද ඔහු පෙන්වා දෙයි.  එම චෝදාන පදනම් විරහිත ඒවා යැයි ඔප්පු කිරිමට ශ්‍රි ලංකාවට අවස්ථාවක් තිබිය යුතුය. පසුගිය ආණ්ඩුව කළ ආකාරයට අමෙරිකාව යෝජනා ගෙනෙන විට ආණ්ඩුව ඊට එකග වී ඒවා අනුමත නොකළ යුතු යැයි ඔහු අවධාරණය කරයි.

මේ අතර මියගිය රණවිරුවන්ගේ ඥාතින් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලයට ඊයේ සංදේශයක් භාර දුන්නේය. රණවිරුවන්ට එල්ල වන චෝදනා වලට එරෙහිව එහි කරුණු ඇතුළත්ය. ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මියට එරෙහිව මෙහිදි දැඩිව අදහස් ප්‍රකාශ කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *