ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ

Share Button

රංගන ශිල්පියෙකු මෙන්ම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විද්වතෙකු වු අභවාප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කෙරේ. දේහය මේ වනවිට කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේ තැන්පත් කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා මිය යනවිට ඔහු 56 වන වියේ පසුවිය.1976 දී කලා ක්‍ෂේත්‍රයට එක්වු ජයලාල් රෝහණ මහතා රංගන ශිල්පියෙකු, නාට්‍ය පිටත් රචකයෙකු, වේෂ නිරූපන ශිල්පියෙකු ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකටම දායකත්වය දුන්නේය.

වේදිකා, ටෙලි නාට්‍ය හා සිනමා යන අංශ තුනම නියෝජනය කළ ඔහු සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත. පර්යේෂණාත්මක ග්‍රන්ථ කිහිපයක්ම ඔහු රචනාකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *