මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළට – තවත් 865 දෙනෙක් සුවය ලබති

Share Button

දිවලුපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් වාර්තාවිී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 71627 දක්වා ඉහල යයි. ඊයේ හඳුණාගනු ලැබූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 801 කි. ඒ සමගම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 865 දෙනෙක් සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සුවය ලැබු සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 68696 කි.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ දිනයේ 397 දක්වා ඉහල ගියේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මරණ 07 ක් තහවුරු කර ඇත. ඔව්හු ගොතටුව,අංගොඩ,කුරුණෑගල,මහවෙල,පේරාදේණිය,ගම්පොළ හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මේ අතර කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ වනවිට එන්නත ලබාගෙන තිබූ සංඛ්‍යාව එක්ලක්ෂ 89 දහස් 349 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *