මියන්මාර දේශපාලනඥයන්ට හා සමාජ ක්‍රියාකාරීන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියා බටහිර රටවල් හෙලා දකී

Share Button

මියන්මාරයේ දේශපාලනඥයන් හා සමාජ ක්‍රියාකාරීන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවලින් වලකින ලෙසට බටහිර රටවල් රැසක තානාපතිවරු මියන්මාර හමුදා නායකයන්ගෙන් ඉල්ලා සිටිති. එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයන් සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය සේවකයන් හා මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ඔවුහු හෙලා දකිති.

ආණ්ඩු පෙරලීමට එරෙහිව පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට ප්‍රධාන නගර වෙත සන්නද්ධ රථ යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කොචින් පළාතේදී විරෝධතාකරුවන් හා හමුදා සාමාජිකයන් අතර ගැටුම් හටගෙන ඇති බවද වාර්තා වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *