විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් කථානායකවරයාගත් තීරණය ව්‍යවස්ථානුකූල බව මහින්ද අමරවිර අමාත්‍යවරයා පවසයි

Share Button

විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් කථානායක කරූ ජයසුරිය මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සාම්ප්‍රදායට අනුකූල බව ඇමති මහින්ද අමරවිර මහතා පවසයි. කොළඹ පැවති සමුඑවකින් පසු ඔහු ඒ බව කිවේය. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුට විපක්ෂ නායක ධූරය පිළිබඳව ගැටඑවක් නොමැත. මේ පිළිබඳ ප්‍රශ්න නගන්නේ කිහිපදෙනෙකි. ඒකාබද්ධය වරින්වර එක් එක් ප්‍රශ්න ගෙන ජනතා අවධානය යොමුකරගැනිමට ක්‍රියාකරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. ඇතැම් අවස්ථාවල අගමැති ධුරය සම්බන්ධයෙන් කථාකරන ඔවුන් දැන් විපක්ෂ නායක ධුරය පිළිබඳව අදහස් පලකරයි. එම පිරිස මෙවන් පහත් තත්ත්වයකට ඇද වැටීම පිළිබඳව තමා කනගාටු වන බව ද ඇමතිවරයා කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *