බලන්ගොඩ ගම්මාන දෙකක මීමැසි පාලන ව්‍යාපෘති

Share Button

ජනාධිපති ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මීමැසි පාලන ව්‍යාපෘතිය සදහා බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන දෙකක් තෝරාගෙන තිබේ. ගවරන්හේන. හා මාවෙල ගම්මානවල ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව බලන්ගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එස්. එච්. ජී. පී. සිරිවර්ධන මහතා පවසයි. මාවෙල ගම්මානයේ ගොවි මහතෙකු මීමැසි පෙට්ට නිෂ්පාදනය සදහා තෝරාගෙන ඇත. එම කටයුතු මේ වනවිට සාර්ථකව සිදුවන බව බලන්ගොඩ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිරිවර්ධන මහතා පැවසීය. මීට අමතරව ප්‍රදේශයේ බිම්මල් වගාවද සාර්ථකව සිදුකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *