කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය අංශ තවදුරටත් ජනතා සහාය පතයි

Share Button

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ජනතා සහාය අත්‍යවශය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියයි. ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නේ නම් උත්සව, ුුුුුුුුුුුුුුුරැස්වීම් ආදිය පැවැත්වීම පිළිබඳව නව සීමා පැනවීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අගවයි.

කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කළ පී සී ආර් පරීක්ෂණ රසායනාගාරය අද පෙරවරුවේ විවෘත කරමින් ඔහු එම කරුණු සදහන් කළේය. කෙසේ වෙතත් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මුළු රටම වසා දැමිම පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ඇතිව දානපතියෙකුගේ ධන පරිත්‍යාගයෙන් මෙම රසායනාගාරය පිහිටුවා තිබේ. සුව සරණ සෞඛ්‍ය අරමුදල ඊට දායකත්වය සපයා ඇත. වරකට පී සී ආර් පරීක්ෂණ 86 ක් සිදු කිරීමේ හැකියාව එම රසායනාගාරය සතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *