මෙරටින් තවත් කොරෝනා මරණ 13 ක්

Share Button

දිවුලුපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 73870 දක්වා ඉහල යයි. ඊයේ හඳුණාගනු ලැබූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 713 කි.

ඒ සමගම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 747 දෙනෙක් සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සුවය ලැබු සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 71176 කි.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ දිනයේ 422 දක්වා ඉහල ගියේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මරණ 13 ක් තහවුරු කර ඇත. ඔව්හු නුවරඑළිය ආගරපතන පෑලියගොඩ බෝම්බුවල කළුතර නෑබොඩ මග්ගොන උතුරු කළුතර ගම්පොළ පානදුර වෑඋඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මේ අතර කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ වනවිට එන්නත ලබාගෙන තිබූ සමස්ත සංඛ්‍යාව එක්ලක්ෂ 96 දහස ඉක්මවා තිබිණි. බස්නාහිර පළාත කේන්ද්‍රගතව ස්ථාන 21 කදී පුද්ගලයන් පණස් හත් දහසකට ආසන්න පිරිසකට එන්නත ලබා දීම ඊයේ සිදු කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *