කොරෝනා මර්දන එන්නත ලොව පුරා සාධාරණව බෙදී නොයන බවට ජගත් මහ ලේකම්වරයාගෙන් චෝදනා

Share Button

නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලොව පුරා බෙදා හැරීමේදී අසාධාරණ හා අසමානතා පවතින බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේෂ් චෝදනා කරයි. ඊයේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී ඔහු පෙන්වා දුන්නේ මෙමගින් කොරෝනා මර්දන වැඩසටහන බරපතල ලෙස සංකීර්ණ වන බවයි.

ඔහු පෙන්වා දෙන ආකාරයට සියලුම එන්නත්වලින් සියයට 75 ක් බෙදී ගොස් ඇත්තේ රටවල් 10 ක් අතරය. එන්නත් එක මාත්‍රාවක් හෝ ලැබී නැති රටවල් සංඛ්‍යාව 130 කට අධිකය.

දියුණු වෙමින් පවතින රටවල වෛරසය පැතිරීමට ඉඩ දුනහොත් එය නැවත නැවතත් විකෘති විය හැකි බවට ඔහු අනතුරු අගවා සිටි. එලෙස විකෘති භාවයට පත්වන වෛරසය වඩාත් මාරාන්තික විය හැකි අතර එන්නත් හා රෝග විනිශ්චය ක්‍රමවේදවල ඵලදායීතාවට තර්ජනයක් විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *