ඔස්ට්‍රෙිලියාවේ අන්තර්ජාල භාවිතා කරන අයට තොරතුරු ලබාදීම අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කරයි
ඔස්ට්‍රෙිලියාවේ අන්තර්ජාල භාවිතා කරන අයට තොරතුරු ලබාදීම අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කරයි. අද අලුයම සිට ඔස්ට්‍රෙිලියාවේ කිසිදු ෆේස්බුක් පරිශිලකයෙකුට තොරතුරු යාවත්කාලීන නොකළ බව ෆේස්බුක් බලධාරිහු පවසති. ඒ අනුව ඔස්ට්‍රෙිලියානු රජයේ සෞඛ්‍ය හදිසි සේවා ඇතුඵ අත්‍යවශ්‍ය පිටු කිහිපයක් අද සිට එරට පරිශිලකයින් සදහා අත්හිටුවා ඇතැයි ෆේස්බුක් නිල වශයෙන් නිවේදන කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔස්ට්‍රෙිලියානු රජය පවසන්නේ ෆේස්බුක් සම්බන්ධයෙන් තම රට තබා තිබු විශ්වාසය බිඳ වැටි ඇති බවයි. ඔස්ට්‍රෙිලියාවෙන් පිටත ජීවත් වන කිසිවෙකුට රටේ සිදුවන දෑ පිළිබඳව නිවැරදි තොරතුරු ගලායාම මේ අනුව සිදු නොවන බව ඔස්ට්‍රෙිලියානු රජය කියයි. ඔස්ට්‍රෙිලියාව ඉදිරියේදී පැනවීමට නියමිත තාක්ෂණික නීතියකට ප්‍රතිචාර වශයෙන් ෆේස්බුක් ආයතනය මෙම තීරණය ගෙන ඇත.