පරිසර හානි සම්බන්ධයෙන් තොරතුරු සැපයිමට කෙටි දුරකථන අංකයක්
නිතිවිරෝධි ලෙස ගස් කැපිම . වැලිගොඩ දැමිම. පස් කැපිම. කැලැ කැපිම . අනවසර ඉඩම් ගොඩ කිරිම ඇතුඵ පරිසර හානි සම්බන්ධයෙන් තොරතුරු සැපයිම පහසු කිරිම සදහා මහජනතාව වෙනුවෙන් 1997 කෙටි දුරකථන අංකය ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඒ අනුව එවැනි අපරාධ සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිටත් මහජනතාව පොලිස් බුද්ධි අංශයේ විශේෂ කාර්යාංශයට ලබාදි තිබෙ. එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු . ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සහ මහජන සාමයට බාධාවක් එල්ල විය හැකි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ද මෙම අංකය අමතා ලබාදෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි. මහා පරිමාණ දුෂණ ක්‍රියා සංවිධානාත්මක අපරාධ කල්ලි සහ වෙනත් සුවිශේෂි තොරතුරුද මෙම කෙටි දුරකථන අංකයට ලබා දිය හැකිය