උතුරේ ජනතාව සිනමාවට දැඩි ඇල්මකින්
උතුරු පළාතේ ජනතාව මේ දිනවල වැඩි වශයෙන් සිනමා ශාලා කරා පැමිණෙමින් සිටින බව අනාවරණය වෙයි.ජාතික චිත්‍රපට සංස්ථාවේ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් ඉකුත් දිනවල එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුනේය.කොරෝනා හේතුවෙන් පසුගිය කාලයේ චිත්‍රපට කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල විය.
යාපනය දිස්ත්‍රික්කයේ ඇති සමස්ත සිනමා ශාලා සංඛ්‍යාව 10 කි.රාජා සහ ඊගල් යන සිනමා ශාලා දෙකේ මේ දිනවල මාස්ටර් හා කුට්ටි ස්ටෝරි යන චිත්‍රපට තිරගත වෙයි.එම චිත්‍රපටවල සෑම දර්ශනයකදීම ශාලාව පිරී ගොස් ඇතැයි සංස්ථාවේ විමර්ශන අංශයේ ප්‍රධානී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි රූපසිංහ මහතා පවසයි.
උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ කිහිපයක නව සිනමාශාලා ඉදිවෙමින් පවති.වව්නියාව නගරයේ සිනමා ශාලා ඉදිකොට අවසන්ය.එමෙන්ම යාපනය නගරයේ තවත් සිනමාහල් දෙකක් ඉදිකෙරෙමින් පවති.චෙන්කලඩි හා මඩකලපුව ප්‍රදේශවල ද සිනමා ශාලා ඉදිවෙමින් ඇත.මෙම ශාලාවලට අවශ්‍ය මානව සම්පත් දැනුම ලබාදීමට සංස්ථාව ක්‍රියාකරන බව රූපසිංහ මහතා කියයි.