බෞද්ධ දර්ශනය හා තරුණයින් අතර සාරධර්ම වර්ධනය පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමුඵවක්
බෞද්ධ දර්ශනය හා තරුණයින් අතර සාරධර්ම වර්ධනය පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමුඵවක් ඉකුත් දිනවල පැවැත්වුනි.ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලය හා රජිව් ගාන්ධි ජාතික තරුණ සංවිධානය එය සංවිධාන කළේය.බෞද්ධ දර්ශනයේ මුලික සාරධර්ම ඉන්දියාව ඇතුඵ විවිධ රටවල්වල ශක්තිමත් සංස්කෘතියකට බලපෑ ආකාරය මෙහිදී විස්තර කෙරුනි.
එම සමුඵවට ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් 29 කින් සම්පත් දායකයෝ සහ තරුණ තරුණියෝ සහභාගි වුහ.ජාතික හා කාලෝචිත වටිනාකම් පෝෂණය කිරීම ඉන්දියාවේ තරුණ සංවර්ධනයේ ප්‍රධාන අපේක්ෂාවයි.ධනාත්මක මානසික සෞඛ්‍ය පිටුපස ඇති බෞද්ධ දර්ශනයේ කාර්යභාරය පිළිබඳව මෙහිදී විස්තර කෙරුනි.ඉකුත් වසරේදී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කලේ ඉදිරි බෞද්ධ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මෙරටට ඩොලර් මිලියන 15 ක ආධාර ලබාදෙන බවයි.