වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පැරණි සාමාජිකයෝ යළි ලියාපදිංචි කෙරෙති
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකවී සිටින පැරණි සාමාජිකයන් යළි ලියාපදිංචි කිරීමේ වැඩපිළීවෙලක් ඇරඹේ. අන්තර්ජාලය ඔස්සේ එම ලියාපදිංචි කිරීම් සිදුකරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි. නැවත ලියාපදිංචියට ලබාදී ඇති කාලය ජුලී මස 31 වැනිදා දක්වා දිර්ඝ කර තිබේ. එම දිනයෙන් පසු කරනු ලබන ඉල්ලීම් සහ පැරණි වැන්දඹු අනත්දරු අංක ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යංශයේ ලේකම් ජෙ.ජේ රත්නසිරි මහතා සදහන් කරයි