නිරෝධායන අවසන් කළ තවත් 290 දෙනෙකු නිවෙස් වෙත
මෙරටින් අද උදෑසන කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 517 දෙනෙකු හදුනාගෙන තිබේ. විදෙස් ගතව සිටි පැමිණි 11 දෙනෙක්ද ඒ අතර වෙති. දේශීයව හදුනා ගනු ලැබු අය අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.එම සංඛ්‍යාව 152 ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මිනුවන්ගොඩ සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වන සම්පුර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 75382 කි. ඉන් 71000 වැඩි පිරිසක් පුර්ණ සුවය ලබා තිබේ. මේ දක්වා දිවයිනෙන් වාර්තා වු සම්පුර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 78936 කි. ඉන් 72 දහසකට අධික පිරිසක් පුර්ණ සුවය ලබා ඇත. අද උදෑසනින් අවසන් වු පැය 24 තුළදී තවත් මරණ 3 ක් මෙරටින් වාර්තා විය. ඒ අනුව කොවිඩ් ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 433ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යාපනය වාසවිලාන් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෝ 290 දෙනෙක් නිවෙස් බලා පිටත්ව යති. මෙම පිරිස සෞදිඅරාබිය, අරබුඩාබි, සුඩානය, රුමේනියාව,ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව යුද හමුදාව පවසයි. එම පිරිසට නිවාස කරා යාමට යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් ප්‍රවාහන පහසුකම් ලබාද ඇත.