සහරාන් හෂීම්ගෙන් ගිණිඅවි පුහුණුව ලැබු තරුණියක අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගෙන් ගිණිඅවි පුහුණුව ලබාගත් බව කියන 24 හැවිරිදි තරුණියක මාවනැල්ල පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඇගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකිවී ඇත.වැඩිදුර පරීක්ෂණ සදහා ඇය කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබේ.
මෙම තරුණියගෙන් ලබාගන්නා තොරතුරු මත සහරාන්ගෙන් ගිණිඅවි පුහුණුව ලැබු තවත් තරුණ තරුණියන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා සදහන් කරයි.