Share Button

යුරෝපා රටවල් සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවී ක්‍රියාකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහතික වෙයි. චීනය සමග පවතින තරගකාරීත්වයට මුහුණදීමට එක්ව වැඩකරන බව හෙතෙම සදහන් කරයි. ඔහු මේ බව සදහන් කලේ ජී 7 රටවල සමුඵවට ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ ඊයේ එක්වෙමිනි. මේ අතර සමුඵව ඇමතු ජපාන අගමැති සුගා යොෂිහිඩේ මහතා සදහන් කලේ ටෝකියෝ ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රිඩා උළෙල නියමිත දිනවලදී පැවැ්තවීමට සියලු කටයුතු සුදානම් බවයි. කොරෝනා වසංගතය හමුවේ තම රටේ ජනතාවගේ ජීවත බේරා ගැනීම සදහා කැපවී ක්‍රියාකළ බව හෙතෙම පවසීයඩ්€ඤු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ,ජපාන අගමැති සුගා යොෂිහිඩේ සහ ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රුගිී යන මහත්වරුන් ජී 7 රටවල සමුඵව ඇමතු පළමු අවස්ථාව මෙයයි,
==============
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි ජනතා උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වෙයි. ඉකුත් 09 වැනිදා උද්ඝෝෂණයට එක්ව සිටි 20 හැවිරිදි තරුණියකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් අනතුරුව ඇය ඊයේ මිය ගියාය. ඇගේ පවුලේ සාමාජිකයන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හමුදා පාලනය පරාජය කිරීම සදහා පැවැත්වෙන උද්ඝෝෂණවලට අඛණ්ඩව සහාය දෙන ලෙසයි. දහස් ගණන් ජනතාව එරට අගනුවර ඇතුඵ නගර රැසක හමුදා පාලනයට එරෙහිව ඊයේ උද්ඝෝෂණවල නිරත වු බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
=============
ගානාව තම රටේ ජනතාවට කොවිඩ් 19 එන්නත ලබාදීම ලබන මස මුල් සතියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එරට රජය පෙන්වා දෙන්නේ මුල් අදියර යටතේ ජනගහනයෙන් මිලියන 20 කට එන්නත ලබාදීම අපේක්ෂාව බවයි. එරට සමස්ත ජනගහනය මිලියන 31 ක් පමණ වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *