පොලිස් වෙඩි පහරින් මියන්මාර විරෝධතාකරුවන් දෙදෙනෙකු මරුට
මියන්මාරයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් උත්සන්න වෙයි. පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩිතැබීම හේතුවෙන් ඊයේ දෙදෙනෙක් මරණයට පත්වුහ. තවත් විසි දෙනෙකු තුවාල ලබා තිබේ. දැනට අත්අඩංගුවට ගෙන සිටින අවුන්සාන් සුකී මහත්මිය හා ඇයගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදය සදහා වන ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් නිදහස් කරන්නැයි විරෝධතාකරුවෝ බල කර සිටිති. විරෝධතා ආරම්භ වී මේ වනවිට සති දෙකකි. හමුදා කුමන්ත්රණයකින් අත්අඩංගුවට ගැණුන අවුන්සාන් සුකී මහත්මිය මේ වනවිට නිවාස අඩස්සියට පත්කර ඇතැයි වාර්තාවෙයි.