මතින් තොර හෙටක් වසවිස නැති රටක්

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදුලිය සංවිධාන කරන දැහැමි පරපුරක් මතින් තොර හෙටක් වසවිස නැති රටක් වැඩසටහනේ 49 වැනි සම්මන්ත්‍රණය පොළොන්නරුව බකමුණ තරුණ ගොවි ව්‍යාපාරයේ ශ්‍රි සාරානන්දාරාම විහාරස්ථානයේදි අද පැවැත්වේ. විහාරාධිපති පුජ්‍ය අත්තනකඩවල පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සම්මන්ත්‍රණය සංවිධාන කර තිබේ. දහම් පාසල් දුදරුවන් දෙමාපියන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ඊට සහභාගිවීමට නියමිතයි. එම සම්මන්ත්‍රණය ඇසුරෙන් සකස් කළ විශේෂ වැඩසටහනක් නවම් පුර පසලොස්වක පොහොය යෙදෙන ලබන සිකුරාදා පස්වරු 2 සිට ජාතික ගුවන් විදුලියේ ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *