ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන අගහරුවාදා බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ලබන අගහරුවාදා ඇරඹෙයි. ටෙස්ට් තරග දෙකක් එක්දින තරග 3ක් හා පන්දුවාර විස්සයි විස්ස තරග 3 ක් සංචාරයට ඇතුළත්වේ. දින 3 ක නිරෝධායනයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ඇන්ටිගුවා හි කූලිජ් ක්‍රිඩාංනයේදී ලබන මස 03 වැනිදා පැවැත්වේ. පන්දුවාර විස්සයි විස්ස තරග 3 ම පැවැත්වෙන්නේ එම ක්‍රිඩාංගනයේදීය. ඇන්ටිගුවා හි කූලිජ් ක්‍රිඩාංගනයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. එක්දින තරග හා ටෙස්ට් තරග ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. පුරා සති 5 ක් පැවැත්වෙන තරගාවලිය නරඹන්නන්ට තහනම් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *