ක්ෂුද්‍ර මූල්‍ය ගොදුරෙන් ජනතාව ගලවා ගැනිමේ ප්‍රජා මූල්‍ය සංවිධාන ඇරඹෙයි
ක්ෂුද්‍ර මූල්‍ය ගොදුරෙන් අහිංසක ජනතාව ගලවා ගැනිමට ප්‍රජා මූල්‍ය සංවිධාන ගමේ ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඉකුත්දා ප්‍රජා මූල්‍ය සංවිධානය බලගැන්විමේ ජාතික වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කිවේය ඉදිරියේදි සමෘද්ධි ව්‍යාපාරය තුළ ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කෙරේ. ගම නගා සිටුවිමට සමෘද්ධි නිලධාරියාට ගමේ සහයෝගය අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි. ප්‍රජා මූල්‍ය සමිති සදහා සහභාගි නොවන කණ්ඩායම් පිළිබඳව තීරණයක් ගන්නා බව හෙතෙම කිවේය. එසේ සහභාගි නොවන අය සමෘද්ධියේ අවශ්‍යතාවක් නොමැති අය සේ සලකා ක්‍රියා කෙරේ. මුල් අදියරේ දි ප්‍රජා මූල්‍ය සංවිධාන වලට රුපියල් ලක්ෂ 03 ක් පිරිනැමේ. සමෘද්ධි ව්‍යාපාරය හරහා උපරිමය රුපියල් දසදහසක් දක්වා ණය ලබාගත හැකිය. එවිට අධික පොළියට ණය ගැනිමේ අවශ්‍යතාවක් මතු නොවේ. මෙය ගම තුළ කුඩා බැංකුවකි. නිවැරදිව රුපියල් ලක්ෂ 03 ක මුදල කළමනාකරණය කළහොත් ඊට වැඩි මුදලක් ලබාදෙන බව සේමසිංහ මහතා කිවේය.