සහරාන් හෂීම්ගේ පන්තිවලට සහභාගි වු කාන්තාවන් දසදෙනෙකු පොලිස් අත්අඩංගුවේ
පාස්කු ප්‍රහාරය සංවිධානය කළ සහරාන් හෂීම් පවත්වාගෙන ගිය අන්තවාදි ඉගැන්විම් සදහා සහභාගි වු කාන්තාවන් දසදෙනෙකු අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඉතිරි හත්දෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවෙති.
2018 වසරේ දෙසැම්බරයේ පැවැත්වු මෙම අන්තවාදි පන්ති සදහා කාන්තාවන් 15 දෙනෙකු සහභාගි වි ඇත. ඉන් පස්දෙනෙකු සයින්දමරුදු හි සිදු වු බෝම්බ පිපිරිමෙන් මියගොස් තිබේ.
මෙම කාන්තාවන් ඕනැම අවස්ථාවක මරාගෙන මැරෙන ප්‍රහාර සදහා සුදානම් බවට දිවුරුම් ලබාදි ඇතැයි අනාවරණය වි ඇත.