මිචෙල් බැච්ලට්ගේ ඒකපාර්ශ්විය වාර්තාව ශ්‍රි ලංකාව ප්‍රතික්ෂේප කරයි
ශ්‍රි ලංකාව ස්වාධින රාජ්‍යයක් ලෙස සිය වගකිම් ඉටු කරමින් සිටින බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඒකපාර්ශ්වික වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එහි අන්තර්ගතය පැහැදිලි කොට අදාල වාර්තාව ප්‍රතික්ෂේප කොට ඇයට ඒ බව දැනුම් දුන් බව ඇමතිවරයා ජාතික ගුවන්විදුලියට කිවේය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවට ප්‍රතිචාර දැක්විමේ සම්මන්ත්‍රණයක් අද කැනඩාව, බ්‍රිතාන්‍ය ස්විට්සර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කොළඹ අතර පැවැත්වේ. වෙබ්නාර් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සංවාදයට නිව්යෝර්ක් හි ජගත් සංවිධාන ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය මොහාන් පිරිස්, චිනයේ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා ද අදහස් දැක්විමට නියමිතයි.
ස්වාධින රාජ්‍යයන්ට බලපෑම් කිරිම සදහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ගන්නා උත්සාහය පරාජය කිරිම මෙම සම්මන්ත්රණ මාලාවේ ප්‍රධාන අපේක්ෂාවයි.