මේ වනවිට රටවල් 107 ක මිලියන 200 කට වැඩි පිරිසකට කොරෝනා එන්නත

Share Button

මේ වනවිට රටවල් 107 ක මිලියන 200 කට වැඩි පිරිසකට කොරෝනා එන්නත ලබාදි ඇතැයි වාර්තා වේ.

චීනයේ සහ රුසියාවේ දත්ත ඊට ඇතුළත් නොවේ.

මෙයින් සියයට 45 ක්ම ලබාදි ඇත්තේ ජී හත සංවර්ධිත කණ්ඩායමේ රටවල ජනතාවටය. ලොව පුරා ජනතාවට එන්නත්කරණ වැඩසටහන පුළුල් කිරිම සදහා ජී හත කණ්ඩායමේ රටවල නායකයන් තීරණය කර තිබේ. ඒ සදහා ඩොලර් බිලියන 7.5 ක මුදලක් ලබාදිමට ද ඔවුන් එකගතාව පළ කර ඇත.

මේ වනවිට චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53 කට එන්නත් ප්‍රදානය කර තිබේ. එන්නත් බෙදි යාමේ ලෝක අසමානතාව සැලකිල්ලට ගෙන ඔවුන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනටද සම්පුර්ණ සහයෝගය ලබාදෙන බව චීනය කියයි.

ලෝක එන්නත් ප්‍රමාණයෙන් සියයට 75 ක් රටවල් 10 ක් අතර බෙදි යාම නිසා බොහෝ රටවල් අපහසුතාවට පත් වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *