මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර හතකට ශ්‍රී ලංකා@100 සහය

Share Button

ඇමරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකා@100 ([email protected]) ව්‍යාපෘතිය, ඉහළ වර්ධන විභවයක් ඇති මධ්‍යම පරිමාණ සමාගම් හතක් මෙම වැඩසටහනේ පළමු වටය සඳහා තෝරා ගෙන ඇත.

මධ්‍ය පරිමාණ සමාගම්වල වර්ධනයට, ව්‍යාපාර උපදේශන සේවා ලබා දීම තුලින් අත දෙන ප්‍රමුඛ වැඩසටහනක් වන [email protected], මෙම සමාගම් හතේහි මෙහෙයුම් ප්‍රශස්ත කිරීම, ලාභදායිතාවය ඉහළ නැංවීම සහ වෙළඳපළ පුළුල් කිරීම වැනි අංශ දියුණු කිරීමට කටයුතු කරයි.

ස්ටැක්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සහ [email protected] හි සම-නිර්මාතෘ ආචාර්ය කුමුදු ගුණසේකර මහතා පැවසූවේ “ශ්‍රී ලංකාවේ වර්ධනය බොහෝ දුරට රඳා පවතින්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ වර්ධන මාවත වේගවත් කිරීමට ඇති හැකියාව මතයි.

මධ්‍ය පරිමාණ සමාගම්වල අලෙවිකරණය, මෙහෙයුම්, මූල්‍ය කළමනාකරණය, අපනයන, සහ ප්‍රාග්ධනය ප්‍රවේශය වැනි අංශ හි ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා සඳහා ව්‍යාපාර උපදේශකයින්, ආයෝජකයින් සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් එක වේදිකාවකට ගෙන ඒම මෙම වැඩසටහනේ අරමුණ බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *