වනය විනාශ කරන්නන්ට ඉදිරියේදී දැඩි දඩුවම්

Share Button

වනය විනාශ කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීමේ ක්‍රමවේදයක් සකස්කර ඇතැයි ඇමති සරත් වීරසේකර මහතා කියයි. එවැනි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ඇමතිවරයා ජනතා සහාය පතයි.

රට ගැන සිතා එවැනි අපරාධ කරන්නන්ගේ තොරතුරු සපයන්නැයි ඔහු ඉල්ලීමක් කරයි. ජනතාවට තොරතුරු සැපයීම සදහා 1997 ක්‍ෂණික දුරකථන අංකය හදුන්වාදී තිබේ. තොරතුරු සපයන පුද්ගලයන් විශේෂ ඇගයීමකට ද ලක් කරන බව ඇමතිවරයා කියයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව පොලිස් පරිසර ඒකකයට නව ඒකකයක් එක්කර තිබේ. පරිසර විනාශය පිළිබඳව ජනතාවගෙන් තොරතුරු ලැබුනු වහාම එම ඒකකය ක්‍රියාත්මක වෙයි.

පරිසරය විනාශ කිරීම යනු රට විනාශ කිරීමයි. එමෙන්ම අනාගත පරපුරට රට අහිමි කිරීමයි. එම නිසා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බව ඇමති සරත් වීරසේකර මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *