අලි-මිනිස් ගැටුම පිළිබඳ විශේෂ විගණන වාර්තාව යළි කෝප් කමිටුවට

Share Button

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම පිළිබඳව විශේෂ විගණන වාර්තාව ලබන අගහරුවාදා නැවතත් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවා තිබේ. ගැටුම අවම කිරීම සදහා ඉදිරිපත්වී ඇති නිර්දේශ එහිදීි කමිටුවේ අවධානයට ලක්වනු ඇත.

අලි-මිනිස් ගැටුම හේතුවෙන් ලොව වැඩිම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පසුගිය දෙසැම්බර් 09 වැනිදා පැවති කෝප් කමිටුවේදී අනාවරණ විය. ලොව වැඩිම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවෙයි.

අලි-මිනිස් ගැටුම පිළිබඳව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් ඇති විද්වතෙකු වන ආචාර්ය ප්‍රිීතිවිරාජ් ප්‍රනාන්දු මහතා එම කරුණු ඉදිරිපත් කළේය.

අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මෙරට මියයන අලින් සංඛ්‍යාව 272 ක් වුවද පසුගිය වසරේ අලින් 407 දෙනෙකු මිය ගොස් ඇති බව කෝප් කමිටුවේදී අනාවරණ විය. වාර්ෂිකව මියයන මිනිසුන් සංඛ්‍යාව 85 ක් වුවද 2019 දී 122 දෙනෙකු මිය ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *