කොරෝනා වෛරසයට එරෙහිව ලක්ෂ තුනකට අධික පිරිසක් එන්නත්කර අවසන්
කොරෝනා වෛරසයට එරෙහිව මේ වනවිට තුන්ලක්ෂ 2857 දෙනෙකු එන්නත් කර ඇතැයි වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. ඊයේ 39078 දෙනෙක් එන්නත් කරනු ලැබුහ.
ඊයේ කොරෝනා ආසාදිතයෝ 543 දෙනෙකු හදුනාගනු ලැබුහ. ඒ අනුව පසුගිය දින තුන තුළ දෛනිකව වාර්තාව වු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 500 සීමාව දක්වා පහත වැටි තිබිම විශේෂත්වයකි.
මේ වනවිට තවත් එන්තත් මාත්‍රා ලක්ෂ පහක් සදහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදුකර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.