මන්චි කුසලාන ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි ලිග් වටයේ තරග
මන්චි කුසලාන ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි ලිග් වටයේ තරග ගාල්ල දඩල්ල වොලිබා්ල් හවුස් ගෘහස්ථ ක්රිඩාගාරයේදී ඊයේ ආරම්භ විය. කාන්තා තරග අදත් හෙටත් පැවැත්වෙන අතර පිරිමි තරග ආරම්භ වන්නේ ලබන අගහරුවාදායි.
ඒ හා බී කාණ්ඩ යටතේ කාන්තා සුපර් ලීග් තරග වටයට කණ්ඩායම් අටක් ඇතුළත් වෙයි. පිරිමි තරග වටයට කණ්ඩායම් 10 ක් එක්ව සිටි. එම තරග වටයෙන් පසු කතිර ක්‍රමය යටතේ පැවැත්වෙන තරග වටය ලබන 28 වැනිදා එම ක්රිඩාගාරයේදීම පැවැත්වේ.
මෙවර ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරගය මහරගම ජාතික මධ්‍යස්ථාන ගෘහස්ථ ක්රිඩාගාරයේදී ලබන මස 13 වැනිදා පැවැ්තවේ. ඇමති නාමල් රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයායි.