මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට බ්‍රසල්ස් හිදී

Share Button

මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල විදේශ ඇමතිවරු බ්‍රසල්ස් හිදී හෙට හමුවෙති. යුරෝපා සංගමයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික නිලධාරි ජෝශප් බොරෙල් මහතා පැවසුවේ මියන්මාර හමුදා නායකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි සංගමයේ අවධානය යොමුවී ඇති බවයි.

මියන්මාර ආරක්ෂක අංශ නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබිම එක්සත් ජනපදය තරයේ හෙලාදැක තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ ඇමෙරිකාව මියන්මාර ජනතාව වෙනුවෙන් පෙනි සිටින බවයි. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව හා නවසිලන්තය දැනටමත් මියන්මාර හමුදා නායකයන්ට එරෙහිව දැනටමත් සම්බාධක පනවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *