ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර විස්සයි විස්ස පළමු තරගය අද
නවසීලන්තයේ තරග සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය ක්‍රයිස්ට්චර්ච් හිදී අද පැවැත් වේ. විස්සයි විස්ස තරගාවලියට තරග 5 ක් ඇතුලත් කර තිබේ.
කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායමට නායකත්වය සපයන අතර ආරොන් ෆින්ච් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය සපයයි. කණ්ඩායම් දෙක අතර අවසන් වරට පන්දුවාර විස්සයි විස්ස තරගයක් පවත්වා ඇත්තේ 2018 වසරේ පෙබරවාරි මස 21 දාය. එහිදී ඕස්ාට්ර්ලියාව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 ක ජයක් වාර්තා කළේය.