පාස්කු ප්‍රහාරයේ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුවේ පළමු රැස්වීම අද

Share Button

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සදහා පත් කර ඇති කැබිනට් අනුකමිටුව පළමු වරට අද රැස් වෙයි. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද විමර්ශන වාර්තාවේ ඇතුලත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපතිතුමා මෙම කැබිනට් අනුකමිටුව පත් කළේය. චමල් රාජපක්ෂ මහතාට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *