මිනිපේ යෝධ ඇල සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ

Share Button

මිනිපේ යෝධ ඇල සහ මිනිපේ අමුණ සංවර්ධනය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි. මෙම ව්‍යාපෘතියෙන් ගොවි බිම් හෙක්ටයාර 7500 කට මහවැලි ජලය සැපයේ.

1948 වසරේ ඉදිකෙරුනු මිනිපේ අමුණ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1980 වසරේදීය. ඒ අනුව වසර 40 කට පමණ පසු එය සම්පුර්ණ සංවර්ධනය ලක් කිරීම මේ වනවිට සිදු වෙයි. ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතිී.

ජල කාර්යක්ෂ්මතාව ඉහල නැංවීම, වගා කන්න දෙකට හිගයකින් තොරව ජලය සැපයීම, භුගත ජල ධාරිතාව ඉහල නැංවීම හා වැව් පද්ධතිය මහවැලි ජලයෙන් පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණ වෙයි.

මිනිපේ අමුණ ව්‍යාපෘතිය සදහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 2600 කට ආසන්න වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *