දෙමළ ජාතික පෙරමුණ නමින් පොදු සන්ධානයක්
දෙමළ ජාතික පෙරමුණ නමින් පොදු සන්ධානයක් පිහිටුවන බව ඊ පී ආර් එල් එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි. උතුරු නැගෙනහිර පළාත්වල නියෝජනයක් සහිත දෙමළ ජාතික දේශපාලන පක්ෂ සියල්ල මේ සදහා එක් කර ගැනේ.
මේ පිළිබද මුලික සාකච්ඡාවක් පසුගිය සති අන්තයේ යාපනයේදී පැවැත්විණ.එහිදී මෙම තීරණයට එළැඹි බව හෙතෙම සදහන් කරයි.
මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ 10 ක් පමණ එක්වී සාකච්ඡා කළ බව කීවේය. රටේ වත්මන් දේශපාලන පසුබිම, ජගත් මානව හිමිකම් සැසිවාරය හා ඉදිරි වැඩසටහන් පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව ද එහිදී සාකච්ඡා කර තිබේ.
දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක්වී පොදු සන්ධානයක් පිහිටුවීමේ කටයුතු වව්නියාවේ දී ලබන 28 වැනිදා සිදු කිරීමට නියමිතයි.