ඉන්දියාවේ කොවිඩ්ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 11 ඉක්මවයි
ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද මිලියන 11 ඉක්මවා ගියේය. අද උදෑසන වනවිට අලුතින් ආසාදිතයන් 14 දහසකට වැඩි පිරිසක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. එම කාලය තුළදී මරණ 83 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොවිඩ් වැළදීමෙන් මේ දක්වා ඉන්දියාවේ මියගොස් ඇති සංඛ්‍යාව එක්ලක්ෂ 56 දහසකට අධික වෙයි. දසලක්ෂයකට වැඩි පිරිසක් රෝහල්වලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.