එංගලන්ත සංචාරය සදහා ඉන්දීය පන්දුවාර 20 යි 20 කණ්ඩායම නම් කෙරේ
ඉදිරි එංගලන්ත සංචාරය සදහා ඉන්දීය පන්දුවාර 20 යි 20 කණ්ඩායම නිවේදනය කරයි. දෙරට අතර පන්දු වාර 20 යි 20 තරග 5 ක් පැවැත්වීමට නියමිතයි. අහමදාබාද් හි ලබන මස 12 වැනිදා තරගාවලිය ආරම්භ කෙරේ.
කඩුලු රකින ක්රීඩක පිතිකරු රිෂාබ්ද් පාන්ට්, තුන් ඉරියව් ක්රීඩක ඇක්සර් පටෙල් සහ දගපන්දු යවන ක්රීඩක බුවනේසර් කුමාර් මෙම සංචිතයට කැඳවා තිබේ. ඉෂාන් කිෂාන්, සුර්ය කුමාර් යාදෙව් සහ රාහුල් තෙවාතියා යන ක්රීඩකයෝ ප්රථම වරට සංචිතයට ඇතුලත් වී සිටිති.
ක්රීඩකයන් 19 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය දරන්නේ විරාත් කෝලි විසිනි. රෝහිත් ෂර්මා උපනායකයා ලෙස කටයුතු කරයි