වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 83000 ක්

Share Button

වී මිලදී ගැනීම සදහා රජය රුපියල් මිලියන 83 දහසක මුදලක් වෙන්කර තිබේ. මේ යටතේ රජය වී මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක සංචිතයක් තබා ගැනීමට අපේක්ෂා කරන බව මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා පවසයි.

ගොවීන්ට සහතික මිලක් ලබා දීම රජයේ අපේක්ෂාවයි. පාරිබෝගිකයාටද සාධාරණ මිලකට වී ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කරන බව ඇමතිවරයා කියයි.

ඇතැම් පෞද්ගලික මෝල් හිමියන් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් වී මිලදී ගැනීමට සූදානමින් සිටී. එමගින් සිදුවන්නේ පාරිබෝගිකයාට ඉහළ මිලකට සහල් ලබා ගැනීමට සිදුවීම බව ඇමතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *