බෝයිං වර්ගයේ ගුවන් යානා 777 ක් වහාම යළි ගොඩබැස්සවීමට නියෝග
ඇමරිකාවේ නිෂ්පාදිත බෝයිං වර්ගයේ ගුවන් යානයක එන්ජිමේ අක්රියවීමක් හේතුවෙන් එම වර්ගයට අයත් පියාසර කරමින් පැවති ගුවන් යානා 777 ක් වහාම යළි ගොඩබැස්සවීමට නිෂ්පාදන සමාගම උපදෙස් දී ඇත.
එන්ජිම අක්රිය වූ ගුවන් යානය මගීන් 231 දෙනාද සමග ආරක්ෂිත ගොඩබා ඇත්තේ ඩෙන්වර් ගුවන් තොටුපළටයි. නිෂ්පාදන සමාගමේ දැනුම්දීමත් සමග යුනයිටඩ් එයාර් ලයින්ස් සහ ජපානයේ ප්රධාන ගුවන් සමාගම් දෙකක් ගුවන් යානා 62 ක් ගොඩබැස්සවීමට තීරණය කර ඇත.