පාස්කු කොමිෂන් සභා වාර්තාවේ කරුණු සැගවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි රජය යළි අවධාරණය කරයි

Share Button

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ කරුණු සැගවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි රජය යළි අවධාරණය කරයි. චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිෂමේ නිර්දේශ සැගවීමේ කිසිදු අවශ්‍යතාවයක් රජයට නොමැති බවයි.

එම ජනාධිපති කොමිෂමේ නිර්දේශ අධ්‍යනය කිරීමට පමණක් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇත. මෙම අනු කමිටුව පළමු වරට කොළඹදී අද පස්වරුවේ රැස්වන බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියයි.

මේ අතර ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය පවසන්නේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීමට නව කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි. බදුල්ල රදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකදී කතෝලික රදගුරු සංගමයේ සභාපති වින්සන්ට් ජේ ප්‍රනාන්දු හිමිපාණෝ පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *