පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

Share Button

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද දිවයිනට පැමිණෙයි.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රිී ලංකා සංචාරය තුලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රජයේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වේ. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අද රාත්‍රියේදී දෙරටටම අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම වසර තුල සහභාගි වන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *