ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයාගේ ප්‍රතිචාර දැක්වීම හෙට

Share Button

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට එරෙහිව කරුණු දැක්වීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

30 වසරක් පුරා රට තුල පැවති යුද්ධය අවසන් කිරීමට මෙරට ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වු බවත් , මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව පිටුපස ඇත්තේ දේශපාලන බලපෑමක් බවත් අමාත්‍යවරයා ජාතික ගුවන් විදුලියට පැවසීය. එම වාර්තාව සම්බන්ධව සිය ස්ථාවරය හෙට ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කර ඇති අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සොයා බැලිය යුතු බව බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා පවසයි. රටකට ස්වාධීනව ක්‍රියාත්මක විීමට ඇති නීත්‍යනුකුල අයිතිය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් හදුනාගත යුතුය. තිස් වසරක් පුරා එල්ටීටීඊ සංවිධානය මෙරට තුල සිදු කළ ම්ලේච්ඡ හැසිරීම ජාත්‍යන්තර ප්‍රජාවට අමතක වීම ගැටළුවකි.

ශ්‍රී ලංකා විරෝධී මානසිකත්වයෙන් පෙළෙන පුද්ගලයන් තුල පවතින සෘණාත්මක මැදිහත්වීම්වලට ශ්‍රිී ලංකාව තමන්ටම අනන්‍ය වු ප්‍රතිඋපායමාර්ගවලින් පිළිතුරු දිය යුතුය. කුරිරු ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට ජීවිතවලට සිදුවු හානි , රටේ ප්‍රධාන මර්මස්ථානවලට එල්ල වු බෝම්බ ප්‍රහාර , භික්ෂුන් වහන්සේ සමුල ඝාතනය කිරීම, වැනි දෑ ජාත්‍යන්තරයට යලි සිහිපත් කර දිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රීී ලංකාව පිළිබඳ වැරදි ප්‍රතිරූපයන් ජාත්‍ය්නතරයට රැගෙන ගිය චැනල් ෆෝ නාළිකාව වැනි දුෂිත ජනමාධ්‍යයන් හි ක්‍රියාකාරිත්වයට එරෙහිව රටක් ලෙස අප නැගී සිටිය යුතු බවද මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *