චීන කොමියුනිස්ට් පක්ෂයේ කතන්දරය විශේෂ ප්‍රචාරක සමුළුවක් චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ උරුමිචි හිදී ඊයේ පැවැත්විණි

Share Button

චීන කොමියුනිස්ට් පක්‍ෂයේ කතන්දරය නැමැති විශේෂ ප්‍රචාරක සමුළුවක් චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ උරුමිචි හිදී ඊයේ පැවැත්විණි. චීන ජනාධිපති ෂි ජිම්පින් මහතාගේ නව සමාජවාදී චින්තනය ජාත්‍යන්තරයට හදුන්වාදීම එම සමුළුවේ අරමුණ විය.

රටවල් 80 කට වැඩි සංඛ්‍යාවක දේශපාලන පක්‍ෂ, සමාජ සංවිධාන, මාධ්‍ය හා ජාත්‍යන්තර ආයතන 200කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් 300කට අධික පිරිසක් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ එම සමුළුවට සම්බන්ධ වුහ. මෙම අවස්ථාවට එක්වෙමින් අදහස දැක්වු ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ මහලේකම් රතින්ද්‍ර කුරුවිට මහතා බටහිර මාධ්‍ය ෂින්ජියං ප්‍රදේශය පිළිබඳ ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *