එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන ප්රවෘත්ති පල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන ප්රවෘත්ති පල කළ පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ.
ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඔහු අන්තර්ජාලය ඔස්සේ ප්රභාකරන්ගේ ඡායාරූප හා සංවිධානයට සම්බන්ධ විවිධ කරුණු පල කර තිබේ. ඔහුගේ දුරකථන පරීක්ෂා කිරීමේදී ත්‍රස්තවාදී ක්‍රියා වර්ධනය කෙරෙන නිර්මාණ තිබි සොයාගෙන ඇත. 25 හැවිරිදි මෙම තරුණයා හැට්න් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සයිබර් අවකාශය උපයෝගී කර ගනිමින් සිදුකරන ක්‍රියාකාරකම් අධීක්ෂණය සදහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි අජිත් රෝහණ මහතා පැවසිය.
පසුගිය සති දෙක තුළදී කසල තේ කිලෝ 20 දහසක් පොලිස් භාරයට ගෙන තිබේ. පුඩඵඔය ප්‍රදේශයේ ඊයේ කළ වැටලීමකදී කසල තේ කිලෝ 2500 ක් සමග ලොරි රථයක් හා පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.
නීරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 18 දෙනෙකු හබරණ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.